නාවික හමුදාව විසින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ දහයක් අත්අඩංගුවට
By Mithu
අද (23) අලුයම් කාලයේ කිලිනොච්චි ඉරණතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන්ගෙන් නාවික හමුදාවට භාරගත් වස්තු අතර මුහුදු කූඩැල්ලන් එක්දහස් දෙසීය තිස් දෙකක්, ඩිංගි යාත්‍රා තුනක් සහ කිමිදුම් උපකරණ අඩංගුය. විශේෂ සොදිසි මෙහෙයුම මන්නාරම පල්ලමුනේ ප්‍රදේශයේ 29 සිට 54 වයසේ පසුවන පුද්ගලයින්ට අදාලව සිදුකළ බව නාවික හමුදාව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
''මට සිහිය නැතිවෙලා ඉස්පිරිතාලෙදී තමයි දන්නෙ අම්ම මියගිහින් නංගියි, මල්ලියි ඉස්පිරිතාලෙ කියලා,, තණකොළවත්තේ අනතුරින් මියගිය මව ගැන දියණිය හෙළිකල සංවේදී කතාව