අද සිට ජූලි 20 වන තෙක් බල පැවැත්වෙන විශේෂ සතියක් - මුළු දිවයිනම ආවරණය වන පරිදී ක්‍රියාත්මක බව දන්වයි
මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද (14) දින සිට ලබන ජූලි (20) වන දින දක්වා සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව මෙවර එය සමරනුයේ “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල” යන්න තේමාව පදනම් කරගනිමින්.
මෙම සතිය ශාරීරික, මනෝ සමාජයීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකික මුල් ළමා විය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් පවත්වයි.
එසේම මෙම සතියට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මුළු දිවයිනම ආවරණය වන ආකාරයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව ගර්භනී සහ කිරි දෙන මව්වරුන්, මුල් ළමාවිය දරුවන්, මුල් ළමාවිය සංවර්ධනය, රැකවරණය සහ පෝෂණය යන විෂය ක්ශේත්‍රයන්හි ප්‍රතිපත්ති සම්පාදකයින්, පෙරපාසල් ගුරුභවතුන් සහ දෙමව්පියන් ඉලක්ක කර ගනිමින් මෙම සති වැඩසටහන සම්පාදනය කොට ඇත.