මෝදි අද හවස එයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා අද (අප්‍රේල් 4) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 05 වන දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම සංචාරයට ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු නියෝජිත පිරිසක් ද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමග එක්වනු ඇත. එදිනම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර, දෙරටේ නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවකට ද සහභාගී වීමට නියමිතය.

මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂාව සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල අවබෝධතා ගිවිසුම් මෙන්ම ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබේ.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

ඉන්දියානු සහයෝගීතාවයෙන් ආරම්භ කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය, මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් උෂ්ණත්වය හා ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය), සහ ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ආගමික ස්ථාන 5,000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීමට නියමිතය.

එමෙන්ම, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටත්, ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව-ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් සැලසුම් කර ඇත. අප්‍රේල් 06 වන දින පස්වරුවේ තම ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් අවසන් කරමින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

නාමල් නීතීඥයෙක් ද..? - නීති උපාධිය ගැන පරීක්ෂණයක්

නාමල් නීතීඥයෙක් ද..? - නීති උපාධිය ගැන පරීක්ෂණයක්