මෝදිගේ සංචාරය : කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්!

By Shehan Apr 02, 2025 11:26 AM GMT
Report

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලසුමක් සහ ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි. මෙය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශයක් කළේය.

UK සම්බාධක : නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක්

UK සම්බාධක : නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක්

"ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මෙම සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලසුමක් සහ ආරක්ෂක සැලසුමක් ක්‍රියාවට නංවනවා. ඒ අනුව, අප්‍රේල් 4 වැනිදා සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය වරින් වර වසා දැමීමට සිදුවෙනවා." "මෙම කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන පුද්ගලයන්ට මෙම මාර්ග වැසීම පිළිබඳව සැලකිලිමත් වෙමින් තම ගමන් වාර සැලසුම් කර ගන්නා ලෙස දැනුම් දෙනවා." "අප්‍රේල් 5 වැනිදා කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය, නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශ සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින් වර වසා තැබීමට සිදුවනවා."

"මෙම විශේෂ රථවාහන සැලසුමට සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."