හෙළයේ ගීත කෝකිලාවිය සදහටම සමුගන්න දවස අද - නන්දා මාලනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන දන්වයි
By Kaushi
අග්‍රගන්‍ය සංගීතවේදී ආචාර්ය නාන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (22) දින සිදුකිරීමට නියමිතව ඇත.
ඒ අනුව එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබෙනවා.
එමෙන්ම අද(22) දින පස්වරු 3.30 ට දේහය නිවසින් බැහැර කර බොරැල්ල කනත්ත වෙත රැගෙන යන අතර, පස්වරු 5.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
තවද ඇයගේ දැඩි ඉල්ලීම පරිදි කිසිදු අවමංගල්‍ය සභාවක් පැවැත්වීම, ගුණකථන සිදු කිරීම හෝ ශෝක ප්‍රකාශ කියවීමක් සිදු නොකරන බවද මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.