නන්දා මාලනියන්ගේ අභාවය BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට- "තහනම් කළ 'පවන' සහ අසාධාරණයට එරෙහි වූ යුගයක හඬ"

By Kanchana Aug 22, 2026 07:53 AM GMT
Report

 සමාජ පෙරලියක් වෙනුවෙන් ස්වරය අවදි කළ ලාංකේය හඬ නන්දා මාලිනී නිහඬ වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය කියයි මෙරට දේශපාලන හා සමාජ පෙරලිය සඳහා සිය හඩෙන් ජීවය දුන් ප්‍රවීණ ගායන ශිල්පිනිය ශ්‍රී ලංකාවට අහිමි වු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ .

ප්‍රවීණ ගායන ශිල්පිනි අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය රැසකම ප්‍රවෘත්ති පළ වී ඇත

නන්දා මාලනී මහත්මිය සිය හඩින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජීය පෙරලිවලට ජීවය ලබාදුන් බව බී බී සී මාධ්‍ය වාර්තා කර ඇත.

  සමාජ ගැටලු ස්පර්ශ කරමින් අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ජනතාවට ආයාචනා කළ ඇගේ පවන ඇල්බමේ ගීත ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා කැලබිලි සහිත යුගයක් වු 1980 වසරවලදී තහනම් කිරීමට ද ලක්වු බවයි බී බී සී මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඇයගේ ක්‍රියාකාරීත්වය ඉන් නොනැවති තරුණ විරැකියාව,සමාජ අසමානතාවය සහ ප්‍රභූ පන්තියට එරෙහිව සිය කලකිරීම් ප්‍රකාශ කිරීම ආදිය ඇයගේ ගීත තුළ දක්නට ලැබුනු බව බී බී සී මාධ්‍ය වාර්තා කර තිබේ .

ඒ වගේම හින්දු වෙබ් අඩවිය ද නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳව වාර්තා කර ඇත එහිදි 1970 සහ 1980 දශකවල දිවයිනේ දේශපාලන හා සමාජීය පෙරලි මැද ජනතාව සමග රැඳී සිටි අග්‍රගන්‍ය ගායිකාවන් ලෙසයි .

එම වෙබ් අඩවිය නන්දා මාලනී මහත්මිය පිළිබඳව සඳහන් කර ඇත නන්දා මාලනී මහත්මියගේ දීර්ඝ සංගීත දිවිය සහ ඇයගේ සුවිශේෂි නිර්මාණ එකතුව මගින් කාලයත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිම පරිණාමය වූ ආකාරය පමණක් නොව එම කැලබිලි සහිත කාල වකවානුව තුළ ශ්‍රී ලංකාව තුළ පැවති ජාතිකවාදී සහ ප්‍රගතිශීලි දේශපාලන ප්‍රවාහනයන්ගේ විවිධ පැතිකඩයන් ද මනාව අනාවරණය කරන බවයි.

නන්දා මාලිනියන්ට අවසන් ගෞරව දක්වන්න ආ හේමාල් රණසිංහ- කලා ලෝකයම සංවේදී වෙයි

නන්දා මාලිනියන්ට අවසන් ගෞරව දක්වන්න ආ හේමාල් රණසිංහ- කලා ලෝකයම සංවේදී වෙයි

එම වෙබ් අඩවිය වාර්තා කර ඇත තවද පවන ප්‍රසංග මාලාව මගින් සමාජ සාධාරණත්වය ඉල්ලා සිටින අතරතුර රාජ්‍ය මර්දනයට සහ බලහත්කාරයෙන් අතුරදන් කිරීම්වලට එරෙහිව විරෝධය දැක්වීම පිළිඹිබු කෙරුණු බවද ද හින්දු වෙබ් අඩවිය සඳහන් කර ඇත.

Gallery