තනතුරු පහක් දරලා පහටම පඩි පහක් ගත්තේ ඉස්සර දැන් අපි මන්ත්‍රී වැටුප ගන්නවා, ඇමති වැටුප ගන්නෙ නෑ ඒ ඔයාලා වෙනුවෙන් හිත උණු වුණ නාමල්

Report

කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් වර්තමාන ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරමින් දේශපාලනඥයන්ගේ දීමනා දිගින් දිගටම කප්පාදු කරමින් සිටින බව ප්‍රකාශ කළා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සවයක් අමතමින්.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“දැන් තමුන්නාන්සෙලාම හිතන්න, වෙනත් යුගයක නම් මෙතෙන්ට ඇමති කෙනෙක් ආවා නම් කොහොමද තත්වෙ? සමහර විට මේ නුවර නගරයේ, මේ පේරාදෙණිය නගරයේ අපි ඇමතිවරු තමුන්නාන්සෙලාට හමුවෙනවාත් ඇති, ඇඟේ හැප්පිලාත් යනවා ඇති. දන්නෑ නේ ඇමති කෙනෙක් ගියෙ කියලා. හොයන්න බෑ. අන්න අර කැත මජර දේශපාලන සංස්කෘතියක් අපෙ රටේ තිබුණා. ක්ලියර් කරන්න ඕනෙ නැද්ද ඒක ? ක්ලියර් කරන්න ඕනෙ. ක්ලීන් ශ්‍රී ලංකා … අන්න ඒක ක්ලියර් කරලා තියෙනවා.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

තවත් ක්ලියර් කරනවා. ඊළඟට ඔබේ වැටුප් වැඩිකරනවා, ඔක්කොම කරනවා. හැබැයි මේ සියල්ල කරද්දී උඩ ඉන්න දේශපාලනඥයින්ගෙ කපනවා. කපාන, කපාන, කපාන ගිහිල්ලා තියෙන්නෙ. ඔබ දන්නවාද, යම් දේශපාලනඥයෙක් තනතුරු පහක් දැරුවා නම් ඒ පහටම පඩි පහක් ගත්තා, දීමනා ගත්තා වෙනම, වාහන ගත්තා වෙනම. ඒ ඔක්කොම වෙනස් කරලා තියෙන්නෙ. මේ කතා කරන අපි ඇමතිවරු හැටියට අපිට හම්බවෙන වැටුප අපි ගන්නෙ නෑ. ඒක භාණ්ඩාගාරයට හරවලා තියෙන්නෙ. මන්ත්‍රීකමට අදාළ වැටුප ගන්නවා. ඇමති වැටුප ගන්නෙ නෑ. ඒ වැටුපත් අපෙ අර පොදු අරමුදලට යවන කතන්දරයක් තියෙනවානෙ. ඒක අපේ පක්ෂය ඇතුළෙ ප්‍රශ්නයක්නෙ, ඒක මෙතෙන්ට අදාළ නෑ”   

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ