හොරාගෙ අම්මගෙන් මේ ආණ්ඩුව පේන අහනවා නාමල්ගෙන් සැර කතාවක් [VIDEO]

Report

මේ ආණ්ඩුව අධිකරණේ ස්වාධීනත්වය කෙලෙසන්න උත්සාහ කරනවා යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

 ඒ ඊයේ දින මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

''අපි අවශ්‍යතාවය තියන තැන අනිවාර්‍යෙන් පෙනී ඉදලා තියනවා . හොරාගෙ අම්මගෙන් නෙමේ මේ ආන්ඩුව පේන අහන්නේ හොරාගෙන් .අපි දැක්කා කට උත්තරයක් ගන්න ප්‍රංශෙ ගිහින් ලියාගන ආවා ,මේව මහජන මුදල් . සමහර අය මටත් අභියෝග කරලා තිබුණා පුලුවන්නම් ක්‍රිශ් නඩුව ගැන කියන්න කියලා . එතුමට මම ආරධනා කරනවා ජූලි 7 වෙනිදා නඩුව තියනවා එන්න උසාවියට ඒම නැත්නම් නඩු තීන්දුව ගැන ජනාධිපති හම්බෙලා අහගන්න . මොකද දැන් බලාගෙන යද්දී ජනාධිපතිතුමා තීන්දුව දන්නවනේ .

ඔය වගෙම යහපාලන කාලේ ඩොලර් බිලියන 18 හොයන්න රට වටේම ගියා.

ආණ්ඩුවෙ සැලැස්ම වෙන්න ඕනෙ රුපියල ශක්තිමත් කරන එක . නමුත් ආණ්ඩුව දේශපාලන උවමනා මත ආයෝජන ඒවා තහනම් කලා . ඒ ගොල්ලෝ ගිවිසුම් අත්සන් කරනවා . එයාලා දන්නෙත් නෑ ජනතාව දන්නෙත් නෑ . ඒ වගේම මේ ආන්ඩුව ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගසමින් , ආණ්ඩුවේ ප්‍රශ්න වලට උත්තර හොයනවා . ඒක තේරුම් ගත්තු නිළධරි එක එක්කෙනා ඉල්ලා සිටිනවා.''

වෙසක් දිනයට නාමල්ගෙන් සුබපැතුමක්

වෙසක් දිනයට නාමල්ගෙන් සුබපැතුමක්