නාමල් රාජපක්ෂ සැරටම ආණ්ඩුවට දෙහි කපයි
වෙඩි තැබීම්වලින් ඝාතනය වන පුද්ගලයින්ගේ ජීවිතවලට වටිනාකමක් නැති ආකාරයෙන් ආණ්ඩුව තමන්ගේ දේශපාලන භූමිකාව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ආණ්ඩුව බලයට පැමිණියේ විශාල පොරොන්දු ගණනාවක් ලබාදී බවයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. එසේම ආණ්ඩුව පැමිණියේ ජාතික ආරක්ෂාව ගැන බංකුවේ තබා ඉගැන්විමට බවත්, නමුත් සිදුවූයේ බංකුවේ වාඩිවී, දවසකට සිදුවන වෙඩි තැබීම් සංඛ්‍යාව බලා සිටීමට හා කීදෙනෙක් ඝාතනය කර ඇද්දැයි බලා සිටීමට බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.