නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි
By Shehan
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (07) දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ඉන් පසු ඔහු පිටත්ව ගියේ අභාවප්‍රාප්ත ජාතික ජනබලවේගයේ කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම මහතාගේ නිවසටය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා විසින් අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයාගේ මවට සහ සහෝදරයින්ට සිය සංවේගය පළ කරන ලදී.