LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට නාමල්ගෙන් දැඩි විරෝධයක්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (ශ්‍රී ල.පො.ප.) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් රජය මඟින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීමට ගෙන ඇති තීරණයට තම විරෝධය පළ කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය සහ සංස්කෘතික උරුමය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රමාණවත් බවත්, ඒ සඳහා ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආශ්‍රිත කරුණු ඉස්මතු කිරීමට අවශ්‍ය නොවන බවත් ය.

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

එහිදී ඔහු පවසා සිටියේ, “අපගේ සංචාරක ප්‍රවර්ධනය ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආශ්‍රිත කරුණු මත පදනම් නොවිය යුතුයි. අපගේ උරුමය, ඔවුන්ගේ ලිංගික මනාපයන් කුමක් වුවත්, ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සෑහේ,” යනුවෙන්.

එමෙන්ම මෙය යළි සලකා බලන මෙන් රජයෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, “එවැනි සංවේදී කාරණා සඳහා වඩාත් වගකීමෙන් යුතුව ප්‍රවේශ විය යුතු” බව පවසා සිටියා.

තවද දර්ශනීය ස්වාභාවික සෞන්දර්යය , සංස්කෘතිය සහ සම්ප්‍රදායන් නිසා ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්ව පැවති බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ “සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අපට ලිංගික අනන්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය නැත” යනුවෙන්.

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

"අයියේ ගල් කන්ටේනර් දෙකක් තියෙනවා.. නිදහස් කරලා දෙන්න" - කියමින් බැකෝ සමන් මනම්පේරිව රැවටිලාලු

"අයියේ ගල් කන්ටේනර් දෙකක් තියෙනවා.. නිදහස් කරලා දෙන්න" - කියමින් බැකෝ සමන් මනම්පේරිව රැවටිලාලු