මියන්මාරයෙන් ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක මානුෂීය පරිත්‍යාගයක්
By Shehan
සුළි කුණාටුවකින් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ ජනතාවට සහන සැපයීම සඳහා මියන්මාරය විසින් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් සිදු කර ඇත.
මෙම සහල් තොගය ලබාදීමේ නිල උත්සවය අද (13) මියන්මාරයේ යැංගොන් වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.
එම අවස්ථාවට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රභාෂිණී පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු මියන්මාර රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සහ අදාළ නිලධාරීන් එක්ව සිටියහ.
මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට ආහාර සැපයුම් සඳහා බෙදාහැරීමට නියමිත අතර, එය දෙරට අතර පවතින මිත්‍රත්වයේ සංකේතයක් ලෙස සැලකේ.
මෙම මානුෂීය ආධාරය ශ්‍රී ලංකා රජය විසින් ස්තූතිවන්ත වන අතර, එය ඉදිරි දිනවලදී රටට ගෙන්වා ගැනීමට සහ බෙදාහැරීමට සැලසුම් කර ඇත.