තුවාල ලබා සිටිය දී මෙරටින් නික්ම ගිය මුතුරාජාගේ දළ යුගළය කපයි..
Sri Lanka
Thailand
Elephant
By Piyumika
මෙරට සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ඇතාගේ දළ යුගළය කපා දැමීමට තායිලන්ත පශු වෛද්‍යවරු යෝජනා කර තිබෙනවා.
වර්ධනය වී ඇති එම දළ යුගළය හේතුවෙන් මුතුරාජාට සිය දෛනික කටයුතු සිදුකර ගැනීමට මතුව ඇති අපහසුතාව හේතුවෙන් මෙම යෝජනාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)
එමෙන්ම දළ යුගළය වර්ධනය වැඩිවීම හේතුවෙන් සත්වයාගේ බෙල්ලට එම බර දරාගැනීමට අපහසු වී ඇති බවයි පශු වෛද්‍යවරුන් පවසන්නේ.
එම වෛද්‍යවරු පවසන්නේ ඒ හේතුවෙන් සත්වයා ගමන් කරන විට බෙල්ල පහත් කරගෙන ගමන් කරන බවයි.
කෙසේ වෙතත් මුතුරාජා ඇතාගේ දළ යුගළය කපා දැමීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තායිලන්තයෙන් මෙරටට හිමි වූ මුතුරාජා ඇතා තුවාල ලබා සිටිය දී ප්‍රතිකාර ලබාදීම සඳහා යළිත් තායිලන්තය වෙත පසුගිය වසරේ ජුලි මාසයේ රැගෙන ගියා.
You may like this video
