ළමයි දැනගන්න ඕනේ ප්‍රජනනය ගැන නොව, ගුණධර්ම ගැන. මම උගන්වන්නේ ඒ නිසි වයසෙ ඉන්න අයට.. පුංචි ළමයින්ට නෙමෙයි - මුතුගල

Report

ප්‍රජනක සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනය ළමුන්ට ඉගැන්වීමට තමා කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා අදහස් දක්වා තිබේ.

ඔහු පවසන්නේ ළමුන් විසින් දැනගත යුත්තේ දෙමව්පියන්ට කීකරු වීම, ඔවුන්ට සවන් දීම, ගුරුවරුන්ට ගරු කිරීම, යහපත් ශීලාචාර ගුණාංග ඇති කර ගැනීම වැනි ධර්මයන් බවයි. ලිංගික පද්ධතිය (reproductive system) පිළිබඳ විස්තරාත්මක තොරතුරු හෝ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ විෂය පථය ළමුන්ට ඉගැන්වීම තම අරමුණ නොවන බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“පළවෙනි එක මං ඡන්දේ ඉල්ලන්නේ නෑ. මට පහුගිය කාලයේ හෙලිකොප්ටරයේ ගිහිල්ලා මොනවද නොකිව්වේ? දැන් මෙතන චූටිම ළමයි නැති නිසා මම මේ ටිකේ ටිකක් ආන්දෝලනාත්මක පැතිකඩකුත් තියෙන නිසා මම කියනවා දැන් මේ මුතුගල සර් ප්‍රජනනය පාඩම උගන්නනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. හාමුදුරුවනේ මම ජීව විද්‍යා ගුරුවරයෙක්. එතකොට මගේ තියෙන ලොකු ඒකකයක කොටසක් තමයි මානව ප්‍රජනනය කියන එක. ඉතින් මම මේ පාඩම වශයෙන් තියරීය ළමයින්ට උගන්වන්න ඕනේ. ඔබ බලන්න මට තියෙන්නේ එක ඔෆීෂියල් යූටියුබ් නාලිකාවක් විතරයි. ඒකෙ මං කිසිම තැනක ඔය පාඩමේ කොටස් දාලා නෑ. ඒ දාලා නැත්තේ මම දන්නවා ඕවා පොඩි ළමයි බලනවා. මොකද පොඩි ළමයට පොඩි ළමයා කියලා කාලයක් තියෙන්න ඕන. ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕන ළමයි නෙමෙයි. මේක මේ මට අහද්දි බනියි සමහර මිනිස්සුන්. ළමයි දැනගන්න ඕන ගුණ ධර්ම. අම්මට තාත්තට කීකරු වෙන්න, අම්මා තාත්තා කියන දේ අහන්න, ගුරුවරු කියන දේ අහන්න. ඒවා මිස ලිංගික පද්ධතිය ගැන නෙමෙයි. ඒක පටලවගන්න එපා. පිට රටවල තියෙන හැම ගුලියම ගිලින්න එපා. ඒවා ගැලපෙන රටවල් තියෙනවා නොගැළපෙන රටවල් තියෙනවා. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕනේ ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න වුවමනා කාලය එද්දි. නොමේරූ හිත්වලට මේක දීලා බෑ. දැන් මගෙන් අහයි එහෙනම් ඔබතුමා උගන්වන්නේ? මම උගන්වන්නේ ඒ නිසි වයසෙ ඉන්න අයට. මම පුංචි ළමයි හොය හොය යන්නෙ නෑ ඕක උගන්වන්න…”

සාර්ථකත්වයට හදිසි හැරවීමක්! අද දවසේ ලග්න පලාපල

සාර්ථකත්වයට හදිසි හැරවීමක්! අද දවසේ ලග්න පලාපල