උඹලගේ විසදුම් උඹලා තියාගනිල්ලා..මම මගේ ක්‍රමේට කියලා සමථ මණ්ඩලයෙදී ප්‍රශ්නේ විසදපු හැටි..

By Piyumika Jan 26, 2025 02:28 AM GMT
Report

සමථ මූල මණ්ඩලය වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බලාපොරොත්තු කන්දක් එක්කර දැකපු සිහින බොඳ කෙරූ 132ක්...

බලාපොරොත්තු කන්දක් එක්කර දැකපු සිහින බොඳ කෙරූ 132ක්...

ඊයේ (25) දහවල් කාලයේ තිහගොඩ, පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලද සමථ මූල මණ්ඩලයකින් මෙම සිද්ධිය වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, තිහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි.

තිහගොඩ පොලිස් ස්ථානය මඟින් සමථ මූල මණ්ඩලය වෙත යොමුකර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් එහි දෙපාර්ශවය ආරවුල නිරාකරණය කිරීම සඳහා ඊයේ පැවති සමථ මූල මණ්ඩලය වෙත කැඳවා තිබූණි.

එම දෙපාර්ශවය විසින් එම ස්ථානයේ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පහරදීමක් සිදුවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

කතාබහට ලක්වූ ආන්දෝලාත්මක ඝාතන තුනක් ගැන ලේඛන ප්‍රසිද්ධ කරන ලෙස නියෝග..

කතාබහට ලක්වූ ආන්දෝලාත්මක ඝාතන තුනක් ගැන ලේඛන ප්‍රසිද්ධ කරන ලෙස නියෝග..

පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තිහගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may like this video