බලාපොරොත්තු කන්දක් එක්කර දැකපු සිහින බොඳ කෙරූ 132ක්...

Sri Lanka Police Sri Lanka Foreign Employment Bureau
By Piyumika Jan 25, 2025 06:37 AM GMT
Piyumika

Piyumika

Report

විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීමේ සිදුවීම්වල වර්ධනයක් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසා සිටියේ, 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේදී වංචනිකයන්ට මුදල් ලබාදීමේ සිදුවීම්වල 27%ක වර්ධනයක් තිබෙන බවයි.

මත්පැන් ගැන මේ ඇහෙන ආරන්චිය නම් සුබ නෑ..

මත්පැන් ගැන මේ ඇහෙන ආරන්චිය නම් සුබ නෑ..

2023 වසරේදී විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීම් සම්බන්ධ පැමිණිලි 3675ක් ලැබී ඇති අතර, එය 2024 වසරේ දී පැමිණිලි 4658ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, අදාළ වංචා සම්බන්ධයෙන් පුද්ගලයින් 132 දෙනෙකු 2024 වසරේදී අත්අඩංගුවට ගත් බවයි.

තවත් නම් ඉවසන්න බෑ,අපි මෙහෙම කරමු..සැමියන්ගේ බේබදු අතවර ඉවසන්න බැරිව බිරියන් සිදුකරපු දෙයක්..

තවත් නම් ඉවසන්න බෑ,අපි මෙහෙම කරමු..සැමියන්ගේ බේබදු අතවර ඉවසන්න බැරිව බිරියන් සිදුකරපු දෙයක්..

එමෙන්ම බලපත්‍රලාබී ආයතන 14ක හිමිකරුවන්ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම පැවසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන ගාමිණී සෙනරත් යාපා මහතා,

"2024 වර්ෂයේ වැටලීම් 15ක් සිදුකරලා පුද්ගලන් 132ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම බලපත්‍රලාබී ආයතන 14ක හිමිකරුවන් අත්අඩංගුවට ගත්තා. ඒ වෙනුවෙන් අදාළ උසාවිවල 2024 වසරේදී නඩු කටයුතු 900ක් ගොනුකර තිබෙනවා. 2023 වසරේ 182ක් පමණයි කරගැනීම හැකිවූයේ"

You may like this video

ReeCha