කතාබහට ලක්වූ ආන්දෝලාත්මක ඝාතන තුනක් ගැන ලේඛන ප්‍රසිද්ධ කරන ලෙස නියෝග..
අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වූ ඝාතන තුනක් වන ජෝන් එෆ් කෙනඩි, රොබට් එෆ් කෙනඩි සහ මාටින් ලූතර් කිං ජූනියර්ගේ ඝාතනවලට අදාළ ලේඛන සියල්ල ප්‍රසිද්ධ කරන ලෙස ජනපති ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ බොහෝ දෙනෙක් ඔවුන්ට සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ දැනගැනීමට දිගු කලක්, දශක ගණනාවක් තිස්සේ බලා සිටිය බවයි.
ඒ සියළු දෙනාට ඉතා ඉක්මනින්, සියල්ල හෙළි වනු ඇති ඇති බවයි ජනපති සහතික වී ඇත්තේ.
ජනාධිපතිවරයා මෙම නියෝගයට අත්සන් කිරීමට භාවිතා කළ පෑන, රොබට් එෆ් කෙනඩි ගේ සහ ජෝන් එෆ් කෙනඩි ගේ බෑණනුවන් සහ ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා නම් කරන ලද රොබට් එෆ් කෙනඩි ජූනියර් වෙත ලබා දීය යුතු බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි 1963 දී ඝාතනය කරන ලද අතර, ඔහුගේ සහෝදරයා වන රොබට් එෆ් කෙනඩි 1968 දී ජනාධිපති ධුරයට තරඟ කරමින් සිටියදී ඝාතනය කරන කෙරුණා.
ඒ අමෙරිකාවේ වඩාත් ප්‍රසිද්ධ සිවිල් අයිතිවාසිකම් නායක මාටින් ලූතර් කිං මෙම්ෆිස්හිදී ඝාතනය කිරීමෙන් මාස දෙකකට පසුවයි. පරීක්ෂණවලට අදාළ බොහෝ ලේඛන එතැන් සිට වසර ගණනාවක් තුළ නිකුත් කර ඇති නමුත් දහස් ගණනක් තවමත් සංස්කරණය කර, අප්‍රසිද්ධව පවතිනවා.
You may like this video