ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක පෙරනිමිති..ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාරයක්

By Piyumika Jul 28, 2024 06:12 AM GMT
Report

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල හමුදාව පවසා ඇත .

ඒ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටි ගම්මානයක පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙකු මියයෑමට ප්‍රතිචාර වශයෙනි.

පාපන්දු පිටියට එල්ල වූ මිසයිල ප්‍රහාරය යුද්ධයක ආරම්බයක් වෙයිද?..(VIDEO)

පාපන්දු පිටියට එල්ල වූ මිසයිල ප්‍රහාරය යුද්ධයක ආරම්බයක් වෙයිද?..(VIDEO)

ඊයේ (27) එල්ලකර තිබූ එම මිසයිල ප්‍රහාරයට හිස්බුල්ලා සංවිධානය වගකිවයුතු බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසුවේ ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක 7කට දැඩි ප්‍රහාර එල්ලකළ බවයි.