වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 07ට හදිසි අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න..

Report

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

අද (19) අලුයම 03 සිට හෙට (20) අලුයම 03 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි, එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ.

අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට..

අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට..


ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර ඇත.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි.

ලංකාවේ බැංකු කිහිපයකින් රටටම රතු එළියක්..ඩොලරය එකවරම ඉහළ යයි..

ලංකාවේ බැංකු කිහිපයකින් රටටම රතු එළියක්..ඩොලරය එකවරම ඉහළ යයි..