''ඉතා සීඝ්රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙමින් යනවා මේක භයානක වෙන්න පුළුවන්'' මුජිබර් ගෙන් අනතුරු ඇගවීමක්
ආණ්ඩුව අර්බුධයක් නෑ කිව්වට අර්බුධයක් තියනවා ආනයන භාණ්ඩ සියල්ලෙහි මිල ඉහළ ගිහින් තිබෙන බව යනුවෙන් මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.
එතුමා පාර්ලිමේන්තුවේදී අදහස් මේ පිළිබද සදහන් කර තිබේ .
තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
'' ජනාධිපතිතුමාගේ කතාව වගේම ඩොලර් එකක් විටින් විට වෙනස් වෙනවා උදේ තිබ්බ ගාන නෙමේ දවල්ට තියෙන්නේ . HSBC , BOC , NDB මේ බැංකුවල විවිධ ගණන් තියෙන්නේ . රුපියල් දෙක තුනක වෙනසක් තියනවා පැයෙන් පැයට . ඒ වගෙම අර්බුධයක් නෑ කිව්වට අර්බුධයක් තියනවා ඒක පේනවා . ආනයන භාණ්ඩ ඔක්කොගෙම මිල ඉහළ ගිහින් තියෙන්නේ . කිරිපිටි මිල 125 කින් වැඩි කලා එතකොට කිරිපිටි කිලෝ එකක් කීයද? රුපියල් 3000ක් වෙනවා ග්‍රෑම් 400 වැඩි කරලා තියනවා .
රුපියල් 50 කින් .මේ විදිහට ආනයන බඩු මිල ඉහළ ගිහින් උද්ධමනය වැඩි වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ . පාරට බැහැලා බැලුවනම් අර්බුධය පේනවා . මෙතුමන්ලා ඉස්සර අයටනම් කිව්වා සීතල කාමර වල ඉන්නවා කියලා . සීතල කාමර වල හිටපු අය මේවගේ ගණන් දැම්මේ නෑ . මෙතුමන්ලා ඉන්නේ අගහරු ලෝකෙ එ හින්දා අපි කියනවා අගහරු ලෝකෙන් බැහැලා බලන්න කියලා .
ජනාධිපතිතුමා ගහනවා මැයි 16 ටැක්ස් එක ගහලා මැයි 15 වාහන 1782 කට කට nc ඕපන් කරලා . කාගෙද ඒ වාහන ජනාධිපති සමීපතමයන්ගේ වාහන . කොහොමද ඒ නිව්ස් එක ගියේ මේවා තමයි සංවිධානාත්මක අපරාධ ජනාධිපතිතුමා හැමදාම කිව්වා ගජමිතුරු ආර්ථිකයක් ගැන අනුර කුමාර හදන්නෙත් දැන් ගජමිතුරු ආර්ථිකයක් .එයාගෙ වටේ ඉන්න අයට හම්බ කරලා එයාලට ඕනෙ විදිහට නීති ගේනවා .
40950 ක් ඕනේ සාමාන්‍ය මිනිහට ජීවත්වෙන්න . මුදල් නියෝජ්‍ය ඇමති තුමා කියනවා දාසයදාස් ගාණකින් ජීවත්වෙන්න පුලුවන් කියලා .
ඒ වගේම ඇහුවා උගන්ඩාවේ සල්ලි ගේන්නද එපාද කියලා දැන් තමුන් නාන්සේලාගෙන් අහන්න තියෙන්නේ ඔස්ට්‍ර්‍ර්ලියාවේ සල්ලි ගේන්නද එපාද කියලා ඉතාම සීඝ්රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙමින් යනවා මේක භයානක වෙන්න පුළුවන් ඉදිරියෙදී ''