"සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී මට හිජාස්ගේ ගැබිනි බිරිඳ මතක් වුණා" - මුජිබුර් රහ්මාන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Report

මේ දිනවල සුරේෂ් සලේගේ බිරිඳ නිරන්තරයෙන් මාධ්‍ය හමුවේ පෙනී සිටීම තමන්ට 2020 වසරේ සිදුවූ සිදුවීමක් සිහිපත් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, 2020 අප්‍රේල් මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ රාත්‍රී 9.00ට පමණ තමන්ට නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ගේ නිවසට පැමිණ ඇති බව ඇය දැනුම් දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රඳවා සිටින කුටිය තුළ සුරේෂ් සලේට මොකද වුණේ - මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් අරඹයි

රඳවා සිටින කුටිය තුළ සුරේෂ් සලේට මොකද වුණේ - මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් අරඹයි

ඒ අනුව තමන් වහාම නව හමුදා මූලස්ථානයට ආසන්නයේ පිහිටි හිජාස්ගේ නිවස වෙත ගිය බවත්, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ කටඋත්තරයක් ලබා ගැනීම සඳහා පැමිණ ඇති බවත් ඔහු පවසයි. එම අවස්ථාවේදී හිජාස්ගේ බිරිඳ ගැබිනියකව සිටි බවද ඔහු සිහිපත් කරයි.

කෙසේ වෙතත්, පැය දෙකකට ආසන්න කාලයකට පසුව හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ඇති අතර, තමන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය දක්වා ගොස් ඇති බව මුජිබුර් රහ්මාන් පවසයි. එහිදී දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ බවත්, පසුව බන්ධනාගාරයේදී හමුවූ අවස්ථාවේ තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව හිජාස් විස්තර කළ බවත් ඔහු සඳහන් කරයි.

"ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ" - සරත් ෆොන්සේකාගෙන් කුඩු වෙන්නම ප්‍රහාරයක්

"ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ" - සරත් ෆොන්සේකාගෙන් කුඩු වෙන්නම ප්‍රහාරයක්

එමෙන්ම, එදා හිජාස්ට එරෙහිව බොරු චෝදනා එල්ල කරමින් ඔහුව අන්තවාදියෙකු ලෙස හුවා දැක්වීමට සුරේෂ් සලේ උත්සාහ කළේ ඇයිද යන්න සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් අදාළ කොමිසමට ලබාදුන් සාක්ෂි මගින් කරුණු තහවුරු වන බවද මුජිබුර් රහ්මාන්ගේ අදහසයි.

තවද, සුරේෂ් සලේ නිර්දෝෂී පුද්ගලයෙකු නම් නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පු කළ යුතු බවත්, ඊට බිය විය යුතු නොවන බවත් ඔහු අවධාරණය කරයි. එසේ නොමැතිව සියදිවි හානි කර ගැනීම වැනි ප්‍රකාශ හෝ ක්‍රියාමාර්ග කිසිසේත්ම විසඳුමක් නොවන බවද ඔහු සිය සටහන මගින් පෙන්වා දෙයි.  

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල