කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස..

By Piyumika Sep 30, 2024 04:56 AM GMT
Report

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා පෙරේදා (28) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

ගමන් මලු පරික්ෂාවේදී ඇතුලේ සගවන් ආපු දේ දැකලා පරීක්ෂක වරුන්ගේ ඇස් උඩ යයි..

ගමන් මලු පරික්ෂාවේදී ඇතුලේ සගවන් ආපු දේ දැකලා පරීක්ෂක වරුන්ගේ ඇස් උඩ යයි..

දේහය මේවන විට වැලිපැන්න, හොරවල, ඩෙනිස්ටන්වත්ත නිවසේ තැන්පත් කර තිබෙන අතර  දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු හතරට සිදු කිරීමට නියමිතයි. ඒ මතුගම ආදාහනාගාරයේදීයි.

හිටපු අමාත්‍යවරයා මිය යනවිට 74 වැනි වියේ පසුවුණා.

හොදින් මතක තබා ගත යුතුයි..අදින් ඉවරයි..

හොදින් මතක තබා ගත යුතුයි..අදින් ඉවරයි..


ඔහුගේ අවසන් කටයුතු අද (30) සවස 4.00ට මතුගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි. 1982 වසරේදී අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයට පත් වූ ඔහු 1994 අගෝස්තු 25 වැනිදා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

කුමාර වෙල්ගම මහතා වසර 42ක දේශපාලන දිවිය තුළ කළුතර දිස්ත්‍රික්කයෙන් අපරාජිතව අඛණ්ඩව වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 2004 වසරේ සිට 2005 දක්වා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරය, 2007 සිට 2010 දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරය මෙන්ම 2010 සිට 2015 දක්වා ප්‍රවාහන ඇමැති ධුරය දැරුවා.

දහඅට හැවිරිදි තරුණයෙක්ට හා පොලිස් නිලධාරියෙකුටත් දිවි අහිමි කල මාරක රිය අනතුරු 3ක් ..

දහඅට හැවිරිදි තරුණයෙක්ට හා පොලිස් නිලධාරියෙකුටත් දිවි අහිමි කල මාරක රිය අනතුරු 3ක් ..

2021දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවා එහි නායකයා වශයෙන් කටයුතු කළා.