අලුත්ම තත්වය මොකක්ද? - පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමති අද කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

Parliament of Sri Lanka Government Of Sri Lanka Ananda Wijepala
By Wayomi Feb 21, 2025 07:24 AM GMT
Wayomi

Wayomi

Report

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.

"19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය ගැන පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබාදුන්නා. ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් විමර්ශන පවත්වාගෙන යනවා.

ඝාතනයට අදාළ සමිඳු දිල්ශාන් කඳනාරච්චි (27) නමැති සැකකරු අත්අඩංගුවට ගත්තා.සැකකරු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් සොයාගත්තා.

වෑන් රථයේ රියදුරු ලෙස සිටි මහේෂ් සම්පත් (47) නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථය පොලිස් භාරයේ තිබෙනවා. වෑන් රථයේ හිමිකාරීත්වය තහවුරු කරගැනීමට අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක වෙනවා. වෑන් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට තහවරු වුණා.

වෙඩික්කරු සමග අපරාධය සඳහා පැමිණි මීගමුවේ පදිංචි ඉෂාරා සෙව්වන්දි (25) අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාක්මකයි.

මෙම සැකකාරිය සමගින් අපරාධයට පෙර සහ පසුව සබඳතා පවත්වන ලද මීගමුව පොලීසියේ කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල සැකපිට අත්අඩංගුවට ගත්තා.

අපරාධයෙන් පසු අධිකරණයෙන් පළාගිය වෙඩික්කරු කුලී ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුණා.

වෙඩික්කරු 2019.12.12 දින යුද හමුදාවේ තුන්වන කොමාන්ඩෝ රෙජිමේන්තුව වෙත බැඳී රාජකාරී සිදුකර තිබෙනවා. 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉවත් වී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කරගනිමින් තිබෙනවා.

අපරාධය සිදුකිරීමට පෙර වෙඩික්කරු සහ ඔහු සමග පැමිණි කාන්තාව කඩුවෙල ලැගුම් හලක නවාතැන් ගෙන තිබෙනවා. දෙදෙනාව එම ස්ථානයට රැගෙන ඒමට පැමිණි මෝටර් රථය CCTV ඔස්සේ හඳුනා ගත්තා.

එම කාර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

වෙඩිතැබීමෙන් මියගිය ගණේමුල්ල සංජීවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා. දේහය මරණකරුගේ මව වන ඇලන් නෝනා මෙන්ඩිස් යන අයට බාරදී තිබෙනවා.

මම මේ ගරු සභාවට කියන්න කැමතියි මේ රටේ ජාතික ආරක්ෂාවට කිසිලෙසකින් හෝ බාධාවක් සිදුවෙන්නට ඉඩ තියන්නේ නැහැ."

මඟ බලන් හිටපු දවසක්. - ජපානයෙන් පරණ වාහන දින වෙනස් කර ලංකාවට ගොඩබායි.

මඟ බලන් හිටපු දවසක්. - ජපානයෙන් පරණ වාහන දින වෙනස් කර ලංකාවට ගොඩබායි.

පෙබරවාරියේ පාසල් නිවාඩුවක් ගැන දැනුම්දීමක්.

පෙබරවාරියේ පාසල් නිවාඩුවක් ගැන දැනුම්දීමක්.


ReeCha