මන්ත්‍රී වරප්‍රසාද දැන් රියදුරන්ටත් දියවන්නාවෙන් සැප බංගලාවකුත් දෙයි

Report

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල, මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට නවාතැන් පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ දී විශේෂ සාකච්ඡාවක් සිදුවී තිබෙන බව වාර්තා වේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව මෙම සාකච්ඡාවේදී, දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට දිනය පුරා මෝටර් රථය තුළ හෝ රථ ගාලේ සිටීමේ අපහසුතාවය පිළිබඳව අවධානය යොමු කර ඇත.

ඒ අනුව, ඉදිරියේදී එම රියදුරන් සඳහා සපුරා යුතු පහසුකම් සලසන සේ පාර්ලිමේන්තු පරිශ්‍රයකින් සුදුසු ස්ථානයක් වෙන් කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලඟදීම ගනු ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?

එමෙන්ම, නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ කොටසක් පාර්ලිමේන්තු සේවකයන් සඳහා වෙන් කිරීමේ යෝජනාවක්ද එම සභාවේදී සලකා බැලුණු අතර, එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද යථා කාලයේදී කටයුතු සිදුකෙරෙනු ඇති බව සඳහන්.

මෙම ක්‍රියාමාර්ගයන්ගෙන් පාර්ලිමේන්තු සේවයේ නිරතව සිටින සහ ඒ අසන්නව කටයුතු කරන පුද්ගලයන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ පුරප්පාඩු කරන බව ද පවසයි.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර