මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්
අද දින පාර්ලිමේන්තුව නැවත වරක් රැස්වූ අතර එහිදී මුජීබර් රහුමාන් මහතා ආණ්ඩුවට විරුද්ධව අදහස් රැසක් ඉදිරිපත් කර තිබුණි. එහිදී ඔහු ප්‍රධාන වශයෙන්ම කතාබහ කලේ හිටපු වැලිගම සභාපති ලස්සන්තගේ ඝාතනය සම්බන්ධයෙනුයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිතුමා සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති ඇතුළු ඇමතිවරුන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම කනස්සල්ලට හේතුවන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිතුමා සඳහන් කළේ මහජන ආරක්ෂක ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඇවිදින් මෙම ඝාතනය සම්බන්ධව කතා කරද්දී මුලින්ම පාතාලෙන් කතාව ආරම්භ කළ බවයි. අඩුම තරමේ මියගිය සභාපතිතුමාට ශෝකය ප්‍රකාශ කිරීමක්වත් ඔහු සිදු නොකළ බව සඳහන් කළ අතර ශිෂ්ඨ සම්පන්න සමාජයක සාමාන්‍යයෙන් මිනිසකු මිය ගිය විට ප්‍රථමයෙන්ම ශෝකය පළ කිරීම සිදු කරන බව වැඩිදුරටත් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ආරක්ෂක ඇමති වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළේ පහත ආකාරයෙන්ය
“තමුන් වහන්සේලා පටන් ගත්තෙම එතුමා පාතාලේ කියලා හංවඩු ගහගෙන කතා කරලා.ඒ විතරක් නෙවෙයි ඒ අපරාධය සාධාරණය කළා.ඒක තමයි භයානකාම දේ.මම ලැජ්ජ වෙනවා ඔබතුමා වගේ ඇමතිවරයෙක් එක්ක මේ පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න.
ඔබතුමා ඇවිල්ලා මේ මේ ඝාතනය සාධාරණය කළා. ඔබතුමා ඇවිල්ලා කතා කරේ ඒ ඝාතනය කරපු ඝාතකයාව සාධාරණය කරලා.මේ මිනිස්සු මරපු මිනිහව ඇල්ලුවෙ නෑ.
මැරිච්චි මිනිහගේ ඉතිහාසය කිව්වා.ලැජ්ජ වෙන්න ඕනි ජනාධිපතිතුමනි මේ වගේ ඇමතිවරු පත් කරාට. ජනාධිපති මාධ්‍ය අංශය එකතු වෙලා මේ ඝාතනය කැම්පේන් කරනවා.
අපිටත් ගහනවා.මගේ ජාතිය ඇදලා බයිනවා.මගේ ආගම ඇදලා බනිනවා.මගෙන් අහනවා කොන කපලද කියලා.ඌරු මස් කනවද කියලා අහනවා.ඔව් මගේ කොන කපලා තමයි තියෙන්නේ.එහෙම උනහම ඔයගොල්ලන්ට පාන්ද? මේ ආණ්ඩුවේ කට්ටිය දාන කමෙන්ට්ස්”
යනුවෙන් අමාත්‍යවරයා ආවේගශීලීව මෙහිදී අදහස් ප්‍රකාශ කර තිබුණි.