ලංකාවේ නමක් තියාගත්තු ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් නිසා මම නම් දෙක කියන්නේ නැහැ හැබැයි ලැජ්ජයි කරන වැඩේ දැක්කහම - මුජිබර්

Report

අද (07) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මහතා විසින් ලංකාවේ පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් ටෙන්ඩර් නැතුව ව්‍යාපෘති ගැනීමට ජනාධිපතිතුමාගේ පස්සෙන් ගිය බවට චෝදනා කර සිටියා.

එහිදී අඳාළ ක්‍රීඩකයන්ගේ නම් සඳහන් නොකළද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

මාලිමා ආණ්ඩුවේ කෝටි 1000ක දැවැන්ත වංචාවක් එළියට - චානක

මාලිමා ආණ්ඩුවේ කෝටි 1000ක දැවැන්ත වංචාවක් එළියට - චානක

" සුළං විදුලි ව්‍යාපෘතිය අවසාන එක ආණ්ඩුව ලබා දුන්නේ එකක් යුනිට් එකක් රු.11.80 කට. ඒ කියන්නේ ඩොලර් සත තුනයි හැත්තෑහතකට. දැන් මේ ලබා දීලා තියෙන සුළං විදුලි බලාගාර අපි බැලුවොත් එහෙම ආණ්ඩුව ගන්නවා යුනිට් එකකට රුපියල් විස්ස ගානේ. කළින් එක දුන්නා යුනිට් එක රු.11.80 කට. දැන් රුපියල් විස්සකට යුනිට් එක ගන්නවා. දැන් මේ නොවැම්බර් මාසේ දුන්නු ව්‍යාපෘතිවල. කාටද මේ කොමිෂන් යන්නේ. අවුරුදු 20ක මේ ලබා දීලා තියෙන ව්‍යාපෘතිවල රුපියල් බිලියන විස්සකට වඩා ප්‍රමාණයක් ආණ්ඩුවට මුදල් අහිමිවෙලා කාටද ඒක යන්නේ. රුපියල් බිලියන 20ක් ඒකත් ටෙන්ඩර් නැතුව. මේකෙ තව හොඳ හොඳ සෙල්ලම් ටිකක් තියෙනවා.

පිළිකාවෙන් මියගිය මගේ අම්මටයි මටයි කුණුහරපෙන් බැන්නා මෙයාව මෙතනින් අයින් කරන්න නැත්නම් වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ

පිළිකාවෙන් මියගිය මගේ අම්මටයි මටයි කුණුහරපෙන් බැන්නා මෙයාව මෙතනින් අයින් කරන්න නැත්නම් වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ

මේකේ තියෙන ආයතන දෙකක් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක්. ඒගොල්ලෝ ජනාධිපතිතුමාගේ හැම වැඩසටහනකටම ගියා. ඒ ඒ දෙන්නගෙ කම්පැනි දෙකකටත් හම්බෙලා තියෙනවා සොල පවර් එකකට. ඒ දෙන්නා හැමදාම ගිහිල්ල ජනාධිපතිතුමාව වර්ණනා කර කර වොයිස් කට් දීපු අය. මම කියන්නේ නෑ වැඩේ කැතයි හින්දා මොකද ලංකාවේ නමක් තියාගත්තු ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් නිසා මම නම් දෙක කියන්නේ නැහැ. ලැජ්ජයි නමුත් කරන වැඩේ දැක්කහම ජාත්‍යන්තරය පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් ජනාධිපතිතුමාගේ පස්සෙන් ගියේ මේ ටෙන්ඩර් නැතුව ව්‍යාපෘති ගන්න ද?  ඒකටද මේ පස්සෙන් ගිහිල්ලා අර ක්ලීන් ශ්‍රී ලංකා එකටයි අරකටයි මේකටයි ගිහිල්ල වොයිස් කට් දුන්නේ. අනුර කුමාර ජනාධිපතිතුමාට ඉස්සරහ පේන්න වාඩිවෙලා හිටියේ."

මේක දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට පත් වෙලා - ගම්මන්පිල

මේක දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට පත් වෙලා - ගම්මන්පිල