අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න
ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධයේදී සුදු කොඩි ඔසවා යටත් වූ සිවිල් වැසියන් හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ අවසරය ඇතිව වෙඩි තබා ඝාතනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද්රන් කෝටීස්වරන් පවසා තිබේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෑතකදී කළ අදහස් උපුටා දක්වමින් අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම ප්‍රකාශය කළේය. ඔහු තවදුරටත් අදහස් දක්වමින්, “සුදු කොඩි යටතේ යටත් වූ සිවිල් වැසියන් ඝාතනය කළ අයට දඬුවම් කළ යුතුයි. ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරව සිටි එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එවකට බලයේ සිටි සියල්ලන්ටම දඬුවම් කළ යුතුයි. 2009 දී යුද්ධය අවසන් වූ දා සිට දෙමළ ජනතාවට යුක්තිය ලැබී නැත. පෙර ආණ්ඩු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නැත. වත්මන් රජය කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත. එවැනි සිදුවීම් නිසා දෙමළ ජනතාවට අභ්‍යන්තර යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසය නැති වී තිබේ, ”ඔහු පැවසීය.