මාලිමා ආණ්ඩුවේ කෝටි 1000ක දැවැන්ත වංචාවක් එළියට - චානක

Report

අද (07) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා විසින් ආණ්ඩුව විසින් රුපියල් කෝටි 1000 ක වංචාවක් සිදු කිරීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල චෝදනාවක් සිදු කර තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

මේක දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට පත් වෙලා - ගම්මන්පිල

මේක දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට පත් වෙලා - ගම්මන්පිල

"ආණ්ඩුවේ හොඳ කියනවා කියලා ආවට පළවෙනි දවසම රුපියල් කෝටි දාහක අමු අමුවෙම වංචාවක් කරපු එකක් ගැන තමයි හෙළි කරන්න වෙන්නේ. ගිය අයවැය වෙලාවෙදිත් මම කිව්වා ලංකාවෙ ගල් අඟුරු වංචාවකට මේ ආණ්ඩුව පාර කපමින් ඉන්නවා කියලා. ඒකට අවශ්‍ය දත්ත සාක්ෂි මේ සියල්ල මම ඉදිරිපත් කරා. ලංකාවට ගල් අඟුරු ගේන්න පුළුවන් මාස අටයි තියෙන්නෙ. මොකද වාරකම් තියෙනවා මැයි මාසෙ ඉඳන් අගෝස්තු වෙනකල්. එතකොට මාස අටයි ගේන්න පුළුවන්. එතකොට මේ මාස අටේ කාලය තුළ එක මාසෙකට සාමාන්‍ය නැව පහයි එන්නේ. එතකොට නැව් තිස් අටක් ගේන්න ඕනි අවුරුද්දකට. හතළිහකට අවශ්‍ය මාස අටේ කාලය තියෙනවා. එතකොට මේ ටෙන්ඩරේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ කැඳවලා අගෝස්තු මාස පිරිනමලත් ඉවර කරනවා. මොකද සැප්තැම්බර් මාස වෙද්දි ගල් අඟුරු ගේන්න පටන් ගන්න ඕන නිසා. හැබැයි මේ ආණ්ඩුව මොකද කරේ? අප්‍රේල් මාසේ තියෙන ටෙන්ඩරේ පහුකරා සැප්තැම්බර් මාසේ වෙනකල්. කල් දාලා සුදුසුකම් වෙනස් කරලා නුසුදුසු ජාත්‍යන්තර අත්දැකීම් නැති සමාගම් දෙකක් රෙජිස්ටර් වෙනකන් ටෙන්ඩරේ කල් දැම්මා. ජාත්‍යන්තර ඕනෑම ටෙන්ඩරයකට සාමාන්‍යයෙන්ම අවම කාලය තියන්න ඕනෙ සති හයක්. දින හතළිස් දෙකක් දෙන්න ඕන ටෙන්ඩරේට කාලය. මොකක්ද කරේ දින හතළිස් දෙක අඩු කරා සති තුනට. දින විසි එකකට. ඊට පස්සේ සියලුම සැපයුම්කරුවන් ලිඛිතව එවනවා අමාත්‍යංශයට අපිට වෙලාව මදි කියලා. හැබැයි එහෙම තියෙද්දී තව එක සතියක් විතරක් වැඩි කරලා ටෙන්ඩරෙක් කැඳවනවා. හැබැයි සැප්තැම්බර් වහුපු ටෙන්ඩරේ නොවැම්බර් වෙනකල් තියාගන්නවා ටෙන්ඩරේ පිරිනමන් නැතුව. මොකද අර සමාගම ගල් අඟුර හොයා ගන්නකල් මාස දෙකක් අදිනවා මෙයාලා. ඊට පස්සේ නොවැම්බර් මාසෙ ඔන්න දැන් පළවෙනි ගල් අඟුරු නැව් දෙක ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නැව් ආපු ගමන්ම ලක් විජය බලාගාරයෙන් මේක ටෙස්ට් කරල තියෙනවාා. හොරාට කලින් කෙහෙල් කැනවට පනිනවා කියලා අහල තිබ්බට අද උදේ පාන්දර බලශක්තිය ඇමතිතුමා කෙහෙල් කැනත් අරගෙන වැට පැන්නා. එතුමා කියනවා ලක් විජය බලාගාරේ ප්ලාන්ට් එකේ ඒවා පිළිගන්න මම සූදානම් නැහැලු. මොකද මේ ලැබ් එකේ දුන්නු රිපෝට් එකට අනුව කැලරිෆිකස් අගය 5600යි. සාමාන්‍යයෙන්ම ටෙන්ඩරේ ගයිඩ්ලයින්වලම තියෙනවා අගය පන්දස් නවසීයට අඩුයි නම් මේක රිජෙක්ට් කියලා. ඊට පස්සේ ලක් විජය බලාගාරයෙන් දුන්නු රිපෝර්ට් හතරෙම 5600, 5800, 5700, 5700.දැන් ඇමතිතුමා උදේම ඇවිල්ල කිව්ව මම ඒක පිළිගන්නෙ නෑ කියලා. හැබැයි මේ නැව් දෙක බොයිලේරුවට දාලා දහනය කරල තියෙනවා ඊයේ. සාමාන්‍යයෙන් මේක දහනය කරහම පැයකට මෙගා වොට් 300ක් හදන්න යන්නේ ටොන් එකසිය හතයි. හැබැයි මේ ගෙනාපු ගල් අඟුරු වල ටොන් 120ක් යනවා මෙගාවොට් තුන්සීයක් හදන්න. ඒ කියන්නේ එක බොයිලයරුවක මෙගාවොට් 300ක් හදන්න පැයකට වැඩිපුර යනව ටොන් 13ක් , එතකොට තුනම වැඩ නම් තිස් නවයක් යනවා. මේක පැය විසි හතරකට බැලුවොත් සාමාන්‍ය දිනකට ටොන් 936 ක් යනවා අවුරුද්දකට බැලුවොත් නැව් හයක් වැඩිපුර ගේන්න වෙනවා. මේ බාල ගල් අඟුරු ගෙනල්ලා. ආසන්න වශයෙන් කෝටි දාහක්. අර ජනාධිපතිතුමා කියනවා වගේ ලක්ෂේ ඒවා ලක්ෂයක් ගෙවන්න වෙනවා මේ බාල ගල් අඟුරු ලංකාවට ගෙනාවට පස්සේ" යනුවෙන්. .

රුමේනියාවේ රැකියා පෙන්නා කෝටි 88ක් වංචා කළ රේන්බෝ ඒජන්සියේ හිමිකරු… එජාපයට පැනපු සජබ දේශපාලකයෙක් - විදේශ ඇමති විපක්ෂයේ කට වහපු හැටි

රුමේනියාවේ රැකියා පෙන්නා කෝටි 88ක් වංචා කළ රේන්බෝ ඒජන්සියේ හිමිකරු… එජාපයට පැනපු සජබ දේශපාලකයෙක් - විදේශ ඇමති විපක්ෂයේ කට වහපු හැටි

පිළිකාවෙන් මියගිය මගේ අම්මටයි මටයි කුණුහරපෙන් බැන්නා මෙයාව මෙතනින් අයින් කරන්න නැත්නම් වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ

පිළිකාවෙන් මියගිය මගේ අම්මටයි මටයි කුණුහරපෙන් බැන්නා මෙයාව මෙතනින් අයින් කරන්න නැත්නම් වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ