ව්‍යාපාරිකයාට දිවි අහිමි කළ මාරක අනතුර

Report

 හිනිදුම රෝහල ආසන්නයේදී අද (02) සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මණ්ඩලපුර ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ආයතනයක හිමිකරුවෙකි.

යතුරුපැදිය පාලනයෙන් ගිලිහී මාර්ගය අයිනේ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව ප්‍රදේශවාසියෙක් සදහන් කර ඇත.

තවද අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු උඩුගම රෝහල වෙත ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.

මෙම මරණකරුගේ දේහය මේ වන විට උඩුගම රෝහලේ තැන්පත් කර ඇත. තවද අනතුර සම්බන්ධයෙන් හිනිදුම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි     

රටම කතාකළ කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ නීතිඥයින් සාක්ෂි සඳහා කැඳවයි

රටම කතාකළ කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ නීතිඥයින් සාක්ෂි සඳහා කැඳවයි