සියලු ධීවරයින්ට හදිසි දැනුම්දීමක් - ඉදිරි පැය 24 ඉතා අවදානම් - වහාම ගොඩබිම වෙත පැමිණෙන්න

Report

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලු ධීවරයින්ට දැනුම් දීමක් සිදු කර ඇත.

ඒ ඉදිරි පැය 24ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාප රළු හෝ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසටයි.

ඒ අනුව අද (02) දින පෙරවරු 10.30ට නිකුත් කළ විශේෂ කාලගුණ නිවේදනයට අනුව, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව දන්වයි.

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් - නවතම කාලගුණ නිවේදනය මෙන්න

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් - නවතම කාලගුණ නිවේදනය මෙන්න

එබැවින් එම මුහුදු කලාප ධීවර රැකියාවට ඉතා අවදානම් තත්ත්වයක පවතින බවත්, මේ වන විටත් මුහුදේ රැකියාවේ නිරත වන ධීවර යාත්‍රා ඇත්නම් වහාම ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණිය යුතු බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කර තිබෙනවා.

එසේම ඕනෑම ධීවර කටයුත්තකදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්ය බවද ඔහු සිහිපත් කර ඇත.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන මෙන් ධීවර ප්‍රජාව වෙත වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට