මාවැල්ල ප්‍රදේශයේ මවක් හා ඔස්ට්‍රේලියාවේ ජීවත වූ ඇගේ පුතා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එලෙස මියගිය ඔවුන්ගේ අවසන් කටයුතු දෙරටක සිට අද (15) සිදු කිරීමට නියමිතයි.
පුතා ඔස්ට්‍රේලියාවේ රැකියාව කරන අතරතුර ජීවිතක්ෂයට පත් වී ඇති අතර, පුතුගේ අවසන් කටයුතු මෙල්බන් නුවර දී සිදුකිරීමට නියමිතව තිබියදීයි මව හදිසියේ ජීවිතක්ෂයට පත් ව ඇත.
ඒ අනුව අද මෙල්බන් නුවර දී පුතුගේ අවසන් කටයුතු සිදු කෙරෙන අතර, මවගේ අවසන් කටයුතු කැලණිය, පිලපිටිය ආදාහනගාරයේ දී සිදුකිරීමට නියමිතයි.
ජීවිතක්ෂයට පත් වූ මවට 68 හැවිරිදි බවත් පුතුට 40 හැවිරිදි බවයි වාර්තා වන්නේ.
