නුදුරේම අඟහරු වල පදිංචි වෙන්න පුළුවන් වෙයිද.. මෙන්න විද්‍යාඥයින්ට ලැබුනු කොළ එළිය..

China World Latest Headlines
By Piyumika Jul 07, 2024 02:07 AM GMT
Piyumika

Piyumika

Report

අධික නියඟයට සහ සීතලට ඔරොත්තු දිය හැකි කාන්තාර පාසි වර්ගයක් අඟහරු ග්‍රහයා මත වගාකළ හැකි බවට චීනයේ පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කොටගෙන ඇත.

මෙම පාසිවලට ජලය නොමැති වියලි තත්ත්වයකට මෙන්ම සෙල්සියස් අංශක ඍණ 80ක තරම් ශීතලකටත් ඔරොත්තු දිය හැකි බව සඳහන් වේ.

දියේ ගිලී මිය ගියායි සැක කල කන්තාවකගේ මරණයේ අභිරහස විසදේ ..

දියේ ගිලී මිය ගියායි සැක කල කන්තාවකගේ මරණයේ අභිරහස විසදේ ..

චීනයේ පරිසර විද්‍යාව සහ භූගෝල විද්‍යාව පිළිබඳ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නව අධ්‍යයනයකට අනුව අඟහරු ග්‍රහයා මත නොනැසී පවතින මෙම පාසි වර්ගය සොයා ගැනීමට හැකි වී තිබේ .

අධික නියඟයට සහ සීතලටත් ඔරොත්තු දිය හැකි එම කාන්තාර පාසි වර්ගය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත වගා කළ හැකි බවටයි අනාවරණය වී ඇත්තේ.

එකට එක් වී මත්පැන් පානය කරලා ගම්මිරිස් එකතු කරන්න ගියපු මිතුරාට කරපු දෙයක්..

එකට එක් වී මත්පැන් පානය කරලා ගම්මිරිස් එකතු කරන්න ගියපු මිතුරාට කරපු දෙයක්..

පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ටිබෙට් සානුව, මොජාවේ කාන්තාරය සහ ඇන්ටාක්ටිකාව වැනි ස්ථානවල මෙම පාසි වර්ගය වසර ගණනාවක් නොනැසී පවතින බවටයි.

මෙම පාසි විශේෂය හඳුවන්නේ Syntrichia caninervis ලෙසයි. සාමාන්‍යෙයන් පාසි වලට ජලය නොමැතිව පැවතිය නොහැකි නමුත් මෙම පාසි වලට ජලය නොමැතිව මෙන්ම සෙල්සියස් අංශක ඍණ 80ක වුවද නොනැසී පැවතිය හැකි බව සඳහන්ය. කුඩා ජල ප්‍රමාණයක් එකතු කිරීම මගින් මෙම පාසි “තත්පර කිහිපයකින්” ජීවයට පැමිණ ප්‍රභාසංශ්ලේෂණය ආරම්භ කරන බැවින් ඕනෑම ග්‍රහලෝකයක මිනිස් පැවැත්ම සඳහා යොදාගත හැකි බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

තමා ඉටුකළ යුතු රාජකාරිය ගම්වාසීන් විසින් සිදුකිරීම බලා සිටීමට නොහැකි වූ ප්‍රාදේශීය ලේකම් කරපු දේ..(VIDEO)

තමා ඉටුකළ යුතු රාජකාරිය ගම්වාසීන් විසින් සිදුකිරීම බලා සිටීමට නොහැකි වූ ප්‍රාදේශීය ලේකම් කරපු දේ..(VIDEO)

මෙම පාසි විකිරණවලටද දැඩි ප්‍රතිරෝධයක් දක්වන බව සඳහන් වේ.

නුදුරේම අඟහරු වල පදිංචි වෙන්න පුළුවන් වෙයිද.. මෙන්න විද්‍යාඥයින්ට ලැබුනු කොළ එළිය.. | Moss That Can Be Grown On Mars

නුදුරේම අඟහරු වල පදිංචි වෙන්න පුළුවන් වෙයිද.. මෙන්න විද්‍යාඥයින්ට ලැබුනු කොළ එළිය.. | Moss That Can Be Grown On Mars