තමා ඉටුකළ යුතු රාජකාරිය ගම්වාසීන් විසින් සිදුකිරීම බලා සිටීමට නොහැකි වූ ප්‍රාදේශීය ලේකම් කරපු දේ..(VIDEO)

Sri Lanka Latest Headlines
By Piyumika Jul 06, 2024 10:53 AM GMT
Piyumika

Piyumika

Report

අබලන් වූ මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස කළ ඉල්ලීමක් ව්‍යර්ථ වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සිය ශ්‍රමයෙන් එම මාර්ගය පිළිසකර කරගත් පසු බලධාරීන් ඊට බාධා කළ පුවතක් පාදුක්ක පින්නවල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙහිදී වසර පහකට වැඩි කාලයක් ඉවත දමා තිබූ බිම් ඇතුරුම් ගල් තොගයක් සීතාවක ප්‍රාදේශීය සභාව විසින් ගලවා ගෙන ගොස් තිබෙන්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ නියෝගයකට අනුවය.

"සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" උදෙසා සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත අද ජනතාවට..

"සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" උදෙසා සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත අද ජනතාවට..

පසුගිය දිනවල පැවති අධික වර්ශාපතනයත් සමග පාදුක්ක පින්නවල ගම්මානයේ දුම්රියපොළ මාර්ගයේ කොටසක් ගමන් කිරිමට නොහැකි ලෙස අබලන් වී තිබේ .

ඒ හේතුවෙන් මාස 02කට ආසන්න කාලයක් පුරාවට පවුල් 35 ක පමණ ප්‍රදේශවාසීන් එදිනෙදා ගමන් බිමන් සඳහා අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය භාවිතා කර ඇත. තම ජීවිතය පවා අවදානමක හෙලමින් ඔවුන් එලෙස කරනුයේ ඔවුනට වෙනත් විකල්පයක් නොමැති හෙයිනි.

ලන්ඩනයේ ප්‍රථම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී..

ලන්ඩනයේ ප්‍රථම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී..

මාර්ගය පිළිසකර කර දෙන ලෙස දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළද එය බිහිරි අලින්ට වීනා වැයීමක් වැනියැයි ප්‍රදේශවාසීන් පවසයි. ඒ අනුව ඔවුන් පින්නවල සමයවර්ධනාරාම පන්සල අසළ මාර්ගයේ අතුරා තිබී මීට වසර 5කට පමණ පෙර ගලවා ඉවත්කර තිබූ බිම් ඇතුරුම් ගල් තොගයකින් කොටසක් භාවිතයට ගෙන වගුරු බිමක් වූ මාර්ගය පිළිසකර කර ගැනීමට කටයුතු කර තිබුනේ එය බලධාරීන්ගෙ කාර්යයක් වුවත් තමන්ගේ ශ්‍රමයෙන් කිසිදු වේතනයකින් තොරවය.

කෙසේ වෙතත් ඉන් දින තුනක් ගතවීමටත් පෙර සීතාවක ප්‍රාදේශීය සභාවේ සේවකයින් පැමිණ එම බිම් ඇතුරුම් ගල් ගලවා රැගෙන ගොස් තිබුනේ යළිත් ප්‍රදේශවාසීන් අබලන් මාර්ගයක් ඉතිරි කරමින්ය.

එහිදී එම සේවකයින් පවසා ඇත්තේ එය සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ නියෝගයක් බවයි .

මැතිවරණය ජයග්‍රහණය කරන විදිය ගැන නාමල් රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක්..

මැතිවරණය ජයග්‍රහණය කරන විදිය ගැන නාමල් රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක්..

මේ හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව දැඩි වෙහෙසක් දරා තම පෞද්ගලික ධනය පවා වැය කරමින් පිළිසකර කරගත් මාර්ගය ඔවුන්ට අහිමි වී තිබේ .

ඉවත දමා තිබූ බිම් ඇතුරුම් ගල් වලින් ප්‍රයෝජනයක් ගැනීම දෑස් වලට කටු ඇනීමක් වූ කලක මෙන් වූ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ මෙම හැසිරීම පිළිබඳ ගම්වාසීන් පවා විමතියෙන් පසුවේ.