ගාසා තීරයේ පුද්ගලයින් 5,000කට අධික පිරිසකගේ අත් පා කපා ඉවත් කරලා
ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 42,000කට අධික පිරිසක් බරපතළ වශයෙන් ශෛල්‍ය කර්මවලට ලක් කර සිටින බව සඳහන් කරයි.
ඒ අනුව එම සංවිධානය මඟින් ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ කුඩා ළමුන් වන බව පෙන්වා දෙයි.
මේ අතර මෙම ශෛල්‍යකර්ම නිසා පුද්ගලයින් 5,000කට අධික පිරිසකගේ අත් පා කපා ඉවත් කර ඇති බව ද ප්‍රකාශ කරයි.
එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ කොඳු ඇට පෙළේ තුවාල, පිපිරීම් නිසා මොළයේ සිදුවු තුවාල සහ අනෙකුත් පිළිස්සුම් තුවාල නිසා මෙම ශෛල්‍යකර්ම සිදුකර ඇති බවයි.
ලොවම කම්පා වන ආකාරයේ ගාසා තීරයේ සිදුව ඇති දරුණු යුධ වාතාවරණය හේතුවෙන් මේ වන විටත් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව අවසන්.
ඒ අතරතුර එම ප්‍රහාර සම්බන්ධයෙන් ඇසෙන මෙවැනි අනාවරණ හද කම්පා කිරීමට සමත් ඛේදවාචක වී ඇත.