වෙන්නප්පුවේ වෙඩිතැබීම සම්බන්දව තවත් තොරතුරු..

By Piyumika Nov 08, 2024 03:02 AM GMT
Report

වෙන්නප්පුව පොලිස් වසමේ කිඹුල්ගාල ප්‍රදේශයේදී ඊයේ (07) සවස සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ .

නිවසක් අසල සිදුකළ එම වෙඩිතැබීම හේතුවෙන් පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණි.

දිවයිනේ නගර බොහෝමයක අහිතකර තත්වයක්..ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ..

දිවයිනේ නගර බොහෝමයක අහිතකර තත්වයක්..ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ..

තුවාලකරු වයස අවුරුදු 43ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, තුවාලකාරිය වයස අවුරුදු 65ක් වන වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

නිවසක ජල පෙරණ කට්ටල නඩත්තු කටයුතු සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අලුත්වැඩියා කටයුතු සිදුකර නිවසෙන් පිටව යන අවස්ථාවේදී මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

හැම දිග කොණ්ඩයක් තියන පෙම්වතියක් පිටිපස්සේම කොන්ඩේ කපන්න දෙන්නේ නැති පෙම්වතෙක් ඉන්නවනම් පරිස්සමින් හොදේ..

හැම දිග කොණ්ඩයක් තියන පෙම්වතියක් පිටිපස්සේම කොන්ඩේ කපන්න දෙන්නේ නැති පෙම්වතෙක් ඉන්නවනම් පරිස්සමින් හොදේ..

එහිදී නඩත්තු කටයුතු සඳහා පැමිණි පුද්ගලයෙකු සහ අදාළ නිවසේ කාන්තාව තුවාල ලබා තිබුණි.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව වෙන්නප්පුව පොලීසිය පැවසීය.