හැම දිග කොණ්ඩයක් තියන පෙම්වතියක් පිටිපස්සේම කොන්ඩේ කපන්න දෙන්නේ නැති පෙම්වතෙක් ඉන්නවනම් පරිස්සමින් හොදේ..
පුද්ගලයෙක් තම පෙම්වතියට අමානුෂික ලෙස පිහියෙන් ඇන ඝාතනය කළ පුවතක් පෙන්සිල්වේනියාවේදී වාර්තා වෙනවා.
ඇය සිය කොණ්ඩය කැපීම නිසා ඇයගේ නව පෙනුම පිළිබඳව කෝපයට පත් වූ පෙම්වතා මෙසේ ඇයව ඝාතනය කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඔහුගේ අකමැත්ත මත ඇය සිය කොණ්ඩය කපා ඇති අතර දින දෙකක් යනතුරුම ඇගේ දියණියගේ සහ සහෝදරයාගේ නිවසේ වාසය කර තිබෙනවා.
පසුව මිතුරෙකුගේ මාර්ගයෙන් දුරකතන ඇමතුමක් ලබා දී පෙම්වතාට පවසා ඇත්තේ ඇය මෙම සම්බන්ධය නතර කරන බවයි.
එයින් කෝපයට පත් පෙම්වතා විසින් ඇයව සොයා ගෙන විත් මෙසේ පිහියෙන් ඇන ඝාතනය කර ඇති අතර ඇයගේ සොහොයුරා ඇතුළු කිහිප දෙනෙකුටම පිහියෙන් ඇන තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
"අවුරුදු 5යි මාස 6ක්. පුළුවන් තරම් මාව පීවාඩව පත් කළා".. මට විරුද්ධව කටයුතු කළ සියලුදෙනා වෙනුවෙන් මම..(VIDEO)
මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ Carmenගේ දියණිය පවසා ඇත්තේ කොණ්ඩය කැපීමට පෙර සිටම බෙන්ජමින් තම මවට තර්ජනය කළ බවයි.
කෙසේ වෙතත් අදාළ ඝාතනය සම්බන්ධයෙන් 49 හැවිරිදි Benjamin Garcia එම ඝාතනය සිදු කළ ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා