තව දවස් 4කින්.. මාසිකව රජයෙන් ලබා දෙන දීමනාව ගැන කළ දැනුම්දීම.. ගන්න පුලුවන් මෙහෙම..
By krishani
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ය.
එයට අදාළව ලබන 20 වැනිදා සිට ගෙවීම් සිදු කිරීමට සූදානම් කර තිබෙනවා.
ඒ අනුව, මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා ඇත.
කෙසේ වෙතත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබයි.