සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000 කින් වැටුප් වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
එමෙන්ම, භාණ්ඩ මිල ඇතුළු සියලු දේවල්වල මිල ඉහළ ගොස් ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා වෙන් කරන මුදල් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවන බවයි.
ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,