ස්වීඩනයෙන් මන්කිපොක්ස් රෝගියෙක්...

By Parami Dissanayake Aug 15, 2024 04:42 PM GMT
Report

අප්‍රිකානු මහද්වීපයෙන් පිටත වාර්තා වූ ප්‍රථම මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් වාර්තාවී ඇති අතර, එම ප්‍රභේදය වේගයෙන් ව්‍යප්ත වන ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

නිෂ්පාදන හා සේවාවල ජූලි මාසයේ දී නව වර්ධනයක්...

නිෂ්පාදන හා සේවාවල ජූලි මාසයේ දී නව වර්ධනයක්...

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන 'එම්පොක්ස්' හෙවත් 'මංකිපොක්ස්' වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබුණි.

මෙම වසංගතය ආරම්භක කාලයේදී 'මංකිපොක්ස්' යනුවෙන් හඳුන්වනු ලැබී ය.

කෙසේ වෙතත්, මෙම රෝගය ආසාදිත වූ ගණන 14,000කට ආසන්න වූ අතර කොංගෝහි මෙම රෝගය වැළඳීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 450ක් පමණ බව ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම්...

ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම්...


ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, 'එම්පොක්ස්' ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බව එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස දැක්වෙයි.

කෙසේ වෙතත්, මෙම රෝගය ආසාදනය වන සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව ද සඳහන් ය.