නිෂ්පාදන හා සේවාවල ජූලි මාසයේ දී නව වර්ධනයක්...
By Parami Dissanayake
මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූලි මාසයේදී දර්ශකාංක 59.9ක් වාර්තා කර ඇති අතර මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යාම දායක වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එමෙන් ම, නව ඇණවුම් උප දර්ශකය ඉහළ යාම සඳහා රෙදිපිළි හා ඇඟලුම් අංශය ප්‍රධාන වශයෙන් දායක වී ඇති අතර, මූලික වශයෙන් ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයන්හි ඉහළ ක්‍රියාකාරිත්වය නිසා මෙම මාසය තුළදී නිෂ්පාදන උප දර්ශකය ඉහළ ගිය බවයි.
එමෙන්ම සේවා නියුක්තියද ජූලි මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.