සමාජ මාධ්‍ය උණුසුම් කළ මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළත් හොල්ලයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සම්බන්ධ කරගනිමින් අන්තර්ජාලයට එක් වූ 'මෙලඩි' (Melody) ටොෆි පිළිබඳ වීඩියෝවක් නිසා ඉන්දීය වෙළෙඳපොළේ ලැයිස්තුගත Parle Industries සමාගමේ කොටස් මිල අඛණ්ඩව දෙවැනි දිනටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .
මෙම ඉහළ යාමට හේතු වූ Melody ටොෆි ඇතුළු ජනප්‍රිය ආහාර නිෂ්පාදන සිදු කරනු ලබන්නේ Parle Products සමාගම විසින් වීම තවත් විශේෂ කාරණයකි. කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති Parle Industries සමාගම සහ මෙම ටොෆි නිෂ්පාදන සමාගම අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවයක් නොමැත.
"අගමැති මෝදි අපිට ගෙනාවේ හොඳම ටොපියක්" - ජෝර්ජියා මෙලෝනි දාපු සුපිරි වීඩියෝව අන්තර්ජාලය උණුසුම් කරයි
ඒ වගේම එය හුදෙක් නමින් සමාන වූ වෙනත් සමාගමක් පමණක් වන නමුත් ආයෝජකයින් නමෙහි ඇති සමානකම නිසා මෙලෙස වැරදීමකින් එම සමාගමේ කොටස් මිලදී ගැනීමට පෙළඹී ඇති බව වාර්තා වේ .
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉතාලි අග්‍රාමාත්‍යවරිය වෙත 'පාර්ලේ මෙලඩි' ටොෆි පැකට්ටුවක් තෑගි කරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් පසුගිය දින අන්තර්ජාලය පුරා බෙහෙවින් ප්‍රසිද්ධ විය මේ සමගම ඇති වූ උන්මාදය හේතුවෙන් ආයෝජකයින් Parle Industries සමාගමේ කොටස් විශාල වශයෙන් මිලදී ගැනීමට පටන් ගත් අතර, එදිනම එම සමාගමේ කොටස් මිල 5% ක ඉහළම සීමාවට ළඟා විය.
මෙම තත්ත්වය අදත් අඛණ්ඩව පැවති අතර, එහිදීද Parle Industries කොටස් මිල නැවත වරක් 5% ක ඉහළම සීමාව සනිටුහන් කරන්නට සමත්ව තිබේ .
ඒ අනුව බදාදා දිනයේදී ඉන්දීය රුපියල් 5.25 ක් ලෙස පැවති කොටස් මිල, බ්‍රහස්පතින්දා වන විට රුපියල් 5.51 ක් දක්වා ඉහළ ගොස් තිබේ ගත වූ වෙළෙඳ සැසි දෙක තුළ පමණක් මෙම සමාගමේ කොටස් මිල 10% ක සමස්ත වර්ධනයක් දැකගත හැකිය.
Thank you for the gift pic.twitter.com/7ePxbJwPbA
— Giorgia Meloni (@GiorgiaMeloni) May 20, 2026