මත් ධාවනයට වැට බඳින්න ජංගම පරීක්ෂණ වැඩසටහන පිට පළාත්වලටත්

Report

පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ජංගම මත් පරීක්ෂණ වැඩසටහන මුළු දිවයින ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවකට ඊයේ (08) එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි “මගනැගුම මහමැදුර” ගොඩනැගිල්ලේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

. මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම අරමුණු කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ආරම්භ කළ මෙම ජංගම මත් පරීක්ෂණ වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුළ පමණක් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 5,242 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

එම පරීක්ෂණවලදී 239 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වීමෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට යොමු කර ඇත. මෙම වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමටත්, බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවලට ද වැඩසටහන ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

ලෝන් ගන්න යන ඔයාගේ පෞද්ගලික දත්ත සියල්ල අනතුරේ - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ලෝන් ගන්න යන ඔයාගේ පෞද්ගලික දත්ත සියල්ල අනතුරේ - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා පැවසුවේ, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍යවලින් තොරව සේවයේ යෙදීම අනිවාර්ය බවයි. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සඳහන් කළේ, බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන රියදුරන් සහ කොන්දොස්තරවරුන් 11,000ක් පමණ සේවයේ නිරත වන බවයි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඉංජිනේරු මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් ලෙස මෙම ජංගම පරීක්ෂණ ඒකකය හඳුන්වා දුන් බවත්, මේ වන විට වැටලීම් 5,000කට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇති බවත්ය.

කටුනායකදී කෝටි ගණනක රත්තරන් සමඟ ගුවන් මගියෙක් කොටු වෙයි

කටුනායකදී කෝටි ගණනක රත්තරන් සමඟ ගුවන් මගියෙක් කොටු වෙයි