අබුඩාබියේ මහ පාරට මිසයිල ප්‍රහාරයක් - අයෙක් මරුට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ වාහනයක් මතට මිසයිලයක් පතිත වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බලධාරීන් අද (16) ප්‍රකාශ කළ බව සී එන් එන් පුවත් සේවය වාර්තා කරයි.
එරට වේලාවෙන් අද (16) පෙරවරු 11:00 ට පමණ 'X' පණිවුඩයක් නිකුත් කරමින් අබුඩාබි මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අල් බහියා (Al Bahyah) ප්‍රදේශයේ ගමන් කළ සිවිල් වාහනයක් මතට මෙම මිසයිලය පතිත වී ඇති බවයි.
ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්
මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා පලස්තීන ජාතිකයෙක් බවට හඳුනාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. අදාල මිසයිලය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කරන ලද්දක් ද නැතහොත් එය සිය ඉලක්කයටම සෘජුවම පතිත වූවක් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.
අද දින අලුයම අබුඩාබි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එල්ල වී ඇති මිසයිල තර්ජනයක් මැඩපැවැත්වීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එමෙන්ම ජනතාවට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ද එහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.