මිනුවන්ගොඩ වෙඩි තැබීමේ යතුරුපැදිකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
By Mithu
මිනුවන්ගොඩ පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව යතුරුපැදිකරු ලෙස කටයුතු කළ ප්‍රධාන සැකකරු ඊයේ (21) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මිනුවන්ගොඩ, ගල්ඔළුව ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 150 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.