ජනප්‍රිය නිළියකට දන්න නළුවන් කිහිපයක් ලිංගික අතවර කරලා?. රස්සාව හැරදා ගෙදර ගිහින්.. ලැබුණ ආරංචිය මෙන්න..
ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වේ.
මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ජනප්‍රිය මලයාලම් චිත්‍රපට නිළියක වන මිනු මුනීර් විසින් ඉන්දීය නළුවෙක් සහ නිෂ්පාදකයෙක් වන ජයසූරියට සහ ඉන්දීය සිනමාවේ ප්රමුඛ පෙළේ තරුවක් වන එම්. මුකේෂ්ට ය.
ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් හි සටහනක් තබමින් මිනු මුනීර් පවසා ඇත්තේ 2013 චිත්‍රපටයක රූගත කිරීම්වල දී ජයසූරිය, එම්. මුකේෂ් ඇතුළු තවත් නළුවන් දෙදෙනෙක් විසින් තමන්ව ශාරීරිකව හා වාචිකව අපයෝජනය කළ බවයි.
තමන් එම චිත්‍රපට රූගත කිරීම්වල දී සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කළ ද ඔවුන්ගේ අපයෝජනය දරාගත නොහැකි වූ බව එම සටහනේ ඇය පවසා ඇත.
මේ හේතුවෙන් තමන්ට මලයාලම් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වී චෙන්නායි හි පදිංචියට යාමට සිදුවූ බව ඇය පවසා තිබෙනවා.
මේ අතර මුකේෂ් සහ ජයසූරිය හැරුණු විට මනියන්පිල්ලේ රාජු, ඉඩවේලා බාබු, අධිනීතිඥ චන්ද්‍රසේකරන්, නිෂ්පාදන පාලක නෝබල් සහ විචු තමා අපයෝජනය කළ බවට ජනප්‍රිය මලයාලම් නිළි මිනු මුනීර් චෝදනා කර ඇත.
කෙසේ වෙතත්, වැඩිදුරටත් එම සටහනේ සඳහන් වන්නේ, මුනීර්ගේ ලිංගික අපයෝජනයන් පිළිබඳ මෙම හෙළිදරව් කිරීම සිදුකර ඇත්තේ මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ පුලුල්ව පැතිරී ඇති ලිංගික අපයෝජනයන් විනිශ්චයකාර හේමා කමිටු වාර්තාවෙන් සොයා ගැනීමෙන් පසුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.