“ජාතිවාදී හා ආගම්වාදී කුමන්ත්‍රණවලට රාජය කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” - ඇමති ආනන්ද විජයපාලගෙන් සැර කතාවක්

Report

මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන කණ්ඩායමක් පිළිබඳ මේ වන විට සිදුකරන විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසනවා. අද (09) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත්, ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මුස්ලිම් ජනතාව පමණක් නොව විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශ නිකුත් කිරීම නිරීක්ෂණය වී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් කෙටුම්පත් දෙකක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් - සම්මත කිරීමට අවශ්‍ය බහුතරය මෙන්න

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් කෙටුම්පත් දෙකක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් - සම්මත කිරීමට අවශ්‍ය බහුතරය මෙන්න

දේශීයව මෙන්ම විදේශීයව ද ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් මෙවැනි ප්‍රකාශ සිදුකරන බවත්, ඒ සම්බන්ධයෙන් සයිබර් අපරාධ හෙවත් පරිගණක අපරාධ විමර්ශන ඒකක ඔස්සේ විමර්ශන සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, අදාළ ප්‍රශ්නයට පරිපූර්ණ තොරතුරු ලබාදීම සඳහා සතියක කාලයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. අමාත්‍යවරයාගේ ප්‍රකාශය

“කොහොම වුණත්, ඔබතුමා ඉදිරිපත් කළා වගේම අපි බලයට පත්වූ දා සිටම අපි උත්සාහ කරමින් ඉන්නවා මෙවැනි ජාතිවාදී ක්‍රියාකාරකම්, ආගම්වාදී ක්‍රියාකාරකම් සහ ඒවාට අදාළ කුමන්ත්‍රණ පරාජය කරමින් මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන්න. කොහොම වුණත්, ඔබතුමත් දන්නවා මේ රටේ අතීත දේශපාලන සංස්කෘතිය වෙලා තිබුණේ තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා එකම උපායමාර්ගය වෙලා තිබුණේ මේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා බලය ලබා ගැනීම සහ බලය පවත්වා ගැනීමයි. එවැනි ක්‍රියාකාරකම්වල නෂ්ටාවශේෂ නැවත නැවත ඉස්මතු වන අවස්ථා පසුගිය වසර දෙකක කාලය පුරාවටම නිරීක්ෂණය වුණා. නමුත් ඒ කිසිදු අවස්ථාවකට අපි ඉඩකඩ දුන්නේ නැහැ. අනාගතයේත් නැවත නැවතත් තහවුරු කරනවා, මේ ජාතිවාදී, ආගම්වාදී කුමන්ත්‍රණවලට කිසිසේත්ම මේ රාජය ඉඩකඩ දෙන්නේ නැහැයි කියන එක.”

ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම පිටුපස බරපතළ කතාවක් - 'රට රකින පරපුර' සංවිධානයෙන් සැර නිවේදනයක්

ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම පිටුපස බරපතළ කතාවක් - 'රට රකින පරපුර' සංවිධානයෙන් සැර නිවේදනයක්