ජල ගාස්තු ඉහල දමන්නේ නැහැ ඇමති කියයි (VIDEO)
අද පාර්ලිමේන්තුවේ දී නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පැවසුවේ ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බවයි.
අමාත්‍යවරයා එම අදහස් දැක්වුයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර දක්වමින්.
මේ අතර, පසුගිය 20 වනදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරගේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරිම සදහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලකයි.