ටී56 ට දුමින්ද දිසානායක අත්අඩංගුවට
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලක තිබී හමුවූ රන් ආලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන්, අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය අඟහරුවාදා මෙම ගිනි අවිය හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධියට අදාළව සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිවූ තොරතුරු මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.