හෙට 3147ක් හෙද සේවයට
හෙද සේවය සඳහා බඳවා ගත් 3,147 දෙනෙකුට හෙට පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරට හෙද සේවයේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය බවයි.
මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකුට උසස්වීම් ද ප්‍රදානය කෙරෙනු ඇති.