අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල නිරීක්ෂණයට යයි

Report

යාපනය ප්‍රදේශයේ පිහිටි චෙම්මනි සමූහ මිනී වළේ වත්මන් කැණීම් කටයුතු සක්‍රීයව නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ 19 වැනිදා විශේෂ නිල සංචාරයක නිරත විය.

එහිදී එම ඓතිහාසික හා සංවේදී කැණීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය කරන සියලුම මූල්‍ය හා තාක්ෂණික පහසුකම් කඩිනමින් සපයන ලෙස අමාත්‍යවරයා එදිනම අදාළ උසස් නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දුන්නේය.

ගුරු විභාගය ලියලා ඇඟිලි ගැනපු අයට සුභ ආරංචියක් - පිළිතුරු පත්‍ර ඇගයීමෙන් පසු ප්‍රායෝගික පරික්ෂණ හා බඳවා ගැනීම් කඩිනමින්

ගුරු විභාගය ලියලා ඇඟිලි ගැනපු අයට සුභ ආරංචියක් - පිළිතුරු පත්‍ර ඇගයීමෙන් පසු ප්‍රායෝගික පරික්ෂණ හා බඳවා ගැනීම් කඩිනමින්

මෙම වැදගත් අවස්ථාවට යාපනය මහෙස්ත්‍රාත්වරයා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ ඉලන්කුමාරන් සහ රජීවන් ජය චන්ද්‍රමුර්තී යන මහත්වරුන් මෙන්ම කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ද සහභාගී වූහ.

ඊට අමතරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද මහතා ඇතුළු එම කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ චෙම්මිනි සමූහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු මේ වන විට ඉතාමත් සාර්ථක මට්ටමකින් සිදු වෙමින් පවතින බවයි.

මෙහි විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු විනිවිදභාවයකින් යුතුව නිම කර වින්දිතයන් වෙනුවෙන් යුක්තිය සහ සත්‍ය සොයා බලා මෙම ගැටලුවට ස්ථීර අවසානයක් ළඟා කිරීමට වත්මන් රජයට දැඩි වුවමනාවක් පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අතුරුදහන් වූ පුද්ගලයින් සඳහා වූ කාර්යාලය මෙම කටයුත්තට නිසි සහාය නොදක්වන බවට ඇතැම් පාර්ශවයන් කරන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වැරදි සහගත බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් දැනටමත් නිල වශයෙන් ලබාදී තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඉන්ධන මිල විශාල රුපියල් ගණනකින් පහළට - නව අගයන් මෙන්න

ඉන්ධන මිල විශාල රුපියල් ගණනකින් පහළට - නව අගයන් මෙන්න

එහි කැණීම් කටයුතු සිදු කරනු ලබන විද්‍යාත්මක ආකාරය තමන් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ බවත් මේ වන විට සිදු කෙරෙන කැණීම් කටයුතු සම්බන්ධයෙන් රජය සාදාරණ ලෙස සෑහිමකට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම කැණීම් කටයුතු තවදුරටත් වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා මෙන්ම ක්ෂේත්‍රයේ සිටින දේශීය හා විදේශීය විශේෂඥයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.